Tuesday, September 18, 2012

වාහනේ A/C අඩු කලා කියලා තෙල් පිච්චෙන එක අඩු වේද?

මම දැකලා තියෙනවා සමහර A/C බස් වල එහෙම ටිකක් දුර යද්දි A/C අඩු කරනවා.. සමහර අයත් වාහනෙ යද්දි ගොඩක් තෙල් පිච්චෙනවා වැඩී කියලා A/C එක අඩු කරනවා..
නමුත් අපි A/C එක අඩු කරලා කරගන්නෙ තව තෙල් පිච්චෙන එක වැඩි කරගන්න එක!

ඇයි එහෙම කියන්නෙ?

වාහනයක A/C පද්දතියෙ මූලිකම දේ A/C Compressor එක.. ඕකට බෙල්ට් එකක් දාලා එන්ජිමට සම්බන්ද කරලා තියෙනවා.. එන්ජිම ක්‍රියාත්මක වෙද්දි ඕක කැරකෙනවා.. ඊට පස්සෙ තව සිද්දීන් කීපයක් වෙලා සිසිල් සුළන් එනවා..!
ඇත්තටම මේක එන්ජිමට ලොකු බරක්.. එන්ජිමේ RPM එක යම් හෙතුවකින් අඩු උනොත් එන්ජිම නවතින තරමට මේක එන්ජිමට බරයි..
"A/C Compressor එකක්"
ඉතිං ගොඩක් අය හිතාගෙන ඉන්නෙ A/C දාගෙන යන ගමන් ටිකක් A/C පිරිලා වාහනෙ ඇතුල කූල් උනාට පස්සෙ.. A/C අඩු කරාම තෙල් පිච්චෙන එක අඩු වෙනවා කියලා..
එත් එහෙම වෙන්නෙ නැහැ
එන්ජින් එක ස්ටාර්ට් එකෙදි තියෙද්දි ඔය Compressor එක බෙල්ට් එකෙන් කැරකැවුනට ඇතුලෙන් Compressor එක කැරකැවෙන්නෙ නැහැ, A/C ස්විච් එක ON කරන්න ඔනි ඇතුලෙ කොටස් කැරකැවෙන්න..

ඒක වෙන්නෙ කොහොමද?

ඒක සිද්ද වෙන්නෙ චුම්භක ශක්තියෙන් වැඩ කරන ක්ලච් එකකින්
මේ පහල තියෙන්නෙ ඒ ක්ලච් එකක් හා electrical magnet එක
මේකෙ Pulley කියන එකට තමා බෙල්ට් එක දාන්නෙ..එන්ජින් එක ස්ටාට් එකේ නම් ඕක හැමතිස්සෙම කැරකෙනවා..  
ඊලගට අපි A/C switch එක ON කලාම මේ magnetic clutch coil කියන එකට විදුලිය ඇවිල්ලා අනික්පැත්තෙ තියෙන (පිංතූරයේ වම් පැත්ත) clutch එක ඇතුලට ඇදෙනවා.. එතකොට ඒක අර pulley එකේ ගෑවෙනවා.. ඔන්න දැන් Compressor එකේ ඇතුලෙ කොටස් කැරකෙන්න අරන් A/C වැඩ කරන්න ගන්නවා.. 

ඉතිං A/C හුලන් ප්‍රමාණයේ වේගය අඩු වැඩි කලා කියලා, එන්ජිමෙ වේගය අඩු වැඩි වෙලා, මේ Compressor එකේ වේගය අඩු වැඩි වේවිද? එහෙම උනොත් අපි යන ගමන අපේ වේගයකින් යන්නෙ කොහොමද?
එහෙම වෙන්නෙ නැහැ.. මේක කැරකෙන්නෙ එන්ජිම කැරකෙන වේගෙන්මයි.. මේක නිපදවන්නෙ එකම ප්‍රමාණයක හුලන්..

එහෙනම් කොහොමද සීතල අඩු වැඩි වෙන්නෙ?

සීතල අඩු වැඩි කරන්නෙ වෙනම fan එකකින්..
මේ උඩ තියෙන පිංතූරයෙ සරලව තේරුම් ගත්තොත් පුලුවන් මේක වටහා ගන්න..  ඔය අංක 8 තියෙන තැන තියෙන Cabin Blower Motor එකෙන් තමා අපිට එන සීතල සුලන් වල වේගය අඩු වැඩි කරන්නෙ.. 
මේ උඩ පිංතූරෙ තියෙනවා වගේ LO  HI  වෙනස් කිරිම් කලාට Compressor එකේ වේගය අඩු වැඩි වෙන්නැ .. අඩු වැඩි වෙන්නෙ Cabin Blower Motor එකේ වේගය..

ඉතිං අපි කොහොමද කියන්නෙ තෙල්පිච්චෙනවා වැඩී කියලා..? :)

තෙල්පිච්චෙනවා වැඩි නම් අඩු කරගන්නෙ මෙහෙමයි..

01.  ඔයා ගමනක් යන්න කලින් වාහනෙ ස්ටාට් කරලා A/C වැඩිම කරලා ටිකක් තියන්න.. ඊට පස්සෙ ඇතුළට නැගලා අවශ්‍ය ප්‍රමාණයට A/C තියා ගන්න.. A/C අඩු වෙලා ඇතුල රත් වෙන්න දෙන්න එපා..
එහෙම කියන්නෙ මේකයි.. ඇතුලෙ උශ්ණත්වය මනින්න thermostat කියලා කුඩා උපකරණයක් තියෙනවා.. මෙකෙන් වාහනෙ ඇතුල උශ්ණත්වය මනිනවා.. ඊට පස්සෙ ඇතුලෙ සීතල නියම විදියට පාලණය වෙනවා නම් Compressor එක Off වෙනවා.. වාහනෙ ස්ටාට් එකෙ තියෙද්දි හිටපු ගමන් "ටික්" ගාලා සද්දයක් එන්නෙ Compressor එක Off උනාම.. ඒ වගෙම ON වෙද්දිද් ඒ විදියට සද්දයක් ඇවිල්ලා එන්ජිම ටිකක් රේස් වෙනවා

වාහනෙ ඇතුලෙ සීතල හුඟක් තියෙනවා නම් ගොඩක් වෙලා Compressor එක Off එකෙ තියෙනවා. ඔන්න එතැකොට එන්ජිමට එන බර අඩු වෙලා තෙල් පිච්චෙන එක අඩු වෙනවා..

02. A/C oFF කරන්ම යන්න.. එතැකොට තෙල් පිච්චෙන්නම නැනෙ ;)



කොහොම කිවත් වාහනෙ ඇතුල ලස්සනටයි පිරිසිදුවයි තියෙන්න A/C අත්‍යාවශ්‍යයි.. සැපපහසු ගමනකට A/C නැතිවම බැරි දෙයක්.. ඉතිං තෙල්පිච්චෙනවා කියලා A/C අඩු කරන්න එපා.. ඒක මෝඩ වැඩක්!!

තවත් මේ වගේ දේකින් හමුවෙමු! දැනට ගිහින් එන්නම්.. මෙකෙ වැරදි තියෙනවා නම් කමෙන්ට් කරන්න.. අපි කතාකරමු!

ද මජන් හාවා෴


..


Wednesday, September 5, 2012

ඇරඹුම..

ආයුබෝවන්..
අපි එදිනෙදා කරන වැඩ කටයුතු වලදි යාන්ත්‍රික පැත්තෙන් නොයෙක් දෝශ එන්න පුලුවන්.. අපි සුලු දේකදි පවා කලබල වෙලා ඕක බාස් කෙනෙක්ට කියලා හදා ගන්න දුවනවා.. සමහර විට ඒක බොහොම සුලු දෝශයක් වෙන්න පුලුවන්.. ඉතිං මම මේ බ්ලොග් එකෙන් කතා කරන්න හදන්නෙ, ඔබේ ඒ කාලය මුදල ඉතිරි කරලා යම් යම් ශේත්‍රයන්ගෙන් යුත් දෑ වල දෝශ නිරාකරණය කරගන්න උපදෙස් දෙන්න..
ඒ වගේම අපි පොඩි පොඩි දේවල් නිපදවමු..

මෙකෙදි මම ගොඩක් කතා කරන්නෙ
එදිනෙදා එන
වාහන වල දෝශ, ඉලෙක්ට්‍රොනික් බඩු වල දෝශ .. වගේ නොයෙක් දැ..
ඉතිං රැදී ඉන්න.. ඉක්මනටම අලුත් දෙයක් අරන් එන්නම්!!
ජය වේවා!

ද මජන් හාවා෴


..