Sunday, April 28, 2013

සාමාන්‍ය දැණීම

වාහනයක් ගත්තා වගෙ නෙවෙනෙ.. ඒක නඩත්තු කරන්නත් එපැයි. නැත්නම් වාහනෙන් ගන්න පුලුවන් දේ නිසියාකාරව ගන්න බැරි වෙලා. අන්තිමට කඩාගෙන ඔක්කොම එපා වෙනවා.. එපාර තිං වාහනේ හදපු තැන් වල මිනිස්සුන්ගෙ දෙමව්පියෝ පවු.. :D

අද කතා කරන්න හදන්නෙ වාහනෙ ගැන අපි දැනන් ඉන්න ඕන සාමාන්‍ය දැනීම.. ගොඩක් අය කියයි අපෝ ඕවා අපි දන්නවා කියලා එත් සමහර අයට එහෙම දැනුමක් නැහැ.. කවදාවත් වාහන පාවිච්චි කරලා නැතිව.. එක පාරට වාහනයක් ගත්තාම ඒ ප්‍රශ්ණෙ එන්න පුලුවන්නේ .

හැබැයි අද ලියන්නෙ පිටින් දාන්න ඕන දේවල්.. ඒ කියන්නෙ හරියට නඩත්තු කරන්න නම් මොනවද කරන්න ඕන කියන එක හා අවශ්‍ය දෑ.

1. එන්ජින් ඔයිල්

වාහනෙ මූලිකම දෙයක් තමා එන්ජින් ඔයිල්. එන්ජින් ඔයිල් ජාති 2 ක් තියෙනවා එකක් පොලවෙන් ගන්න ඒවා. අනික්වා කෘතීමව හදන ඒවා.
එනම්
Synthetic oil
හා
Mineral oil

වාහනේ මාදිලිය අනුව ඔය ඔයිල් ජාති දෙකෙන් මොකක්ද දාන්නෙ කියන එක වෙනස් වෙනවා
ගොඩක් අලුත් වාහන වලට එන්නෙ Synthetic oil. මේවාගෙ ගොඩක් වාසි තියෙනවා.. ඉහල කාර්‍යක්ශම තාවකින් වැඩ කරනවා.. මොකද මේවා කෘතීම හදද්දි ඒවට විශේෂ රසායණික දේවල් දාලානෙ හදන්නෙ..
තව රත් වෙද්දි තෙල් වල ගණකම නියම අකාරයෙන් පවත්වාගෙන යනවා.. ඒ වගේම මිනරල් ඔයිල් වලට වඩා කාලයක් මේවා පාවිච්චි කරන්න පුලුවන්
සාමාන්‍යයෙන් 10000km වගේ. හැබැයි  8000km වගේ මාරු කරන්න පුලුවන් නම් හොදයි.. මොකද ෆංගස් වගේ දේවල් වලින් හානි වෙන්න පුලුවන් ඒ තෙල්..
ඊලගට මිනරල් ඔයිල්.. ඒව පොලවෙන් ගන්න ස්වභාවික තෙල්. හැබයි එවා වැඩි කල් පාවිච්චි කරන්න බැ..
5000km වගේ මාරු කරන්න ඕන..
මේ තෙල් ජාති දෙකේම එක එක ඝණකම්  තියෙනවා. ඒක වාහනෙ අනුව වෙනස් වෙනවා
ඉතිං නිවැරදි ඔයිල් දාන්න සේවා අයතනයකටම යන්න ඒ අය එක්ක කතා කරන්න.. හොද නරක පැහැදිලි කරගන්න. .






වාහනෙ පාවිච්චි කරනවා වැඩී නම්. හිතමු කැබ්සර්විස් එකක නම්..වාහනෙ දවසෙම වගේ දුවනවානෙ.. ඉතිං ඔය එන්ජින් ඔයිල් ටිකක් අඩු වෙන්න පුලුවන්.. හැමදාම උදේට වාහනේ ස්ටාර්ට් කරන්න කලින් තෙල් කූර අරන් බලන්න තෙල් අඩුද කියලා. .
එන්ජිම ස්ටාර්ට් කලාට පස්සෙ නම් තෙල් අඩුද වැඩිද කියලා හොයන්න අමාරුය මොකද තෙල් එන්ජිමේ හැම තැනම විසිරෙන නිසා.. කුහර අස්සවල් වල තියෙන තෙල් යටට එකතු වෙන්න ටිකක් වෙලා යනවා.. එක නිසා රෑට නවත්තලා උදේට බලන්න පුරුදු වෙන්න.. 


මේ විදියට තෙල් කූර ඇදලා අරන් රෙදි කෑල්ලකින් වගේ පිහිදාලා.. ආයෙ එන්ජිම ඇතුලට දාලා අරන් බලන්න තෙල් අඩුද කියලා




මෙතන A කියන එක අතර තෙල් තියෙන්න ඕන L එකෙන් පහල නම් තෙල් දාන්න ඕන H එක ගාවට නම් නියම ගානට තෙල් තියෙනවා!! (වාහනෙ අනුව තෙල් කූර වෙනස් වෙන්න පුලුවන් ගොඩක් එවාගෙ ඔය අකුරු කොටලා එන්නැ.. ඒ වෙනුවට පොඩි තව් දෙකක් තියෙන්න පුලුවන්)


2. බ්‍රේක් ඔයිල්

       වාහනේ මොනව නැතත් තියෙන්න ඔන බ්‍රේක් (තිරිංග) මොකද හදිසියට නවත්ත ගන්න එපැයැ :D
වාහනේක බේක් හා බ්‍රේක් ඔයිල් ගැන නම් සරලව හිතන්න එපා. මොකද ජිවිත ගනනකට වගකියන්න ඔය බ්‍රේක් බලපානවාමයි..  පුලුවන් හැම වෙලාවකම බ්‍රේක් ගැන සැලකිලිමත් වෙන්න බ්‍රේක් පැටල් එක වෙනදට වඩා පහලට ගිහින් නම් ඒක කාර්මිකයෙක් ලවා පරීක්ශා කරවා ගන්න, විශේශයෙන් සර්විස් එකේදි රෝද ගලවලා බ්‍රේක් පෑඩ්, බ්‍රේක් ලයිනර් ගෙවිලද කියලා වාර්ථාවක් ගන්න..
අපිටම බලාගන්න පුලුවන් දේකට තියෙන්නෙ ඔයිල් තමා.. ඔයිල්, ඔයිල් අඩුයි නම් ඩැඩ්බෝර්ඩ් එකෙ හැන්ඩ්බ්‍රේක් ඇද්දාම එන ලයිට් එකම පත්තු වෙලා තියෙනවා.. එකෙන් අපිට අඩුද කියලා බලා ගන්න පුලුවන් නැත්නම් බොනට් එක ඇරලා බලන්න අඩුද කියලා.
මේ MAX කියන තැනටම තෙල් තියෙන්නම ඕන

MAX එකට වඩා තෙල් අඩු නම් තෙල් දාන්න ඕන.. තෙල් දාන්න කලින් මූඩියේ බලන්න තෙල් දාන්න ඕන වර්ගය මොකක්ද කියලා
එකෙ ගහලා තියෙනවා dot 3,  dot 4 කියලා
dot 4 කියන්නෙ අලුත්ම වාහන වලට එන එකක්
ඔය dot 3 වලට වඩා dot 4 ගොඩක්ම හොදයි.. ඕකෙ තියෙන වාසි ත් ඒ වගේමයි

විශේෂයෙන් dot 4 වල වායු බුබුලු හැදෙන එක අවමයි.. වාහනේ බ්‍රේක් ඔයිල් දුවන බට පද්දතියෙ වායු බුබුලු හැදෙන්න පුලුවන්.. එහෙම උනාම අපි බ්‍රේක් පාගද්දි වායු බුබුලු නිසා තෙල් ගමනාගමනය හරියාකාරව සිද්ද නොවෙන්න පුලුවන්. එතකොට බ්‍රේක් පෑගෙන්න වෙලා යනවා.. ඒක ගොඩක්ම භයානකයි හදිසි තිරිංග පෑගිමකදි..
නමුත් dot 4 වල එහෙම වෙන එක අඩු වෙලා තියෙනවා!

තව dot 4 අදික උශ්ණත්වයට ඔරොත්තු දෙනවා.. අපි නොහිතුවට ගොඩක් වෙලාවට බ්‍රේක් පද්දතිය හා ඔයිල් රත් වෙනවා.. විශේෂයෙන්ම කංදක් බහිද්දි අපි බ්‍රේක් කරනවා වැඩි නේ.. ඒ වගෙ වෙලාවෙදි තෙල් වල ඝණත්වය අඩු වෙලා කාර්‍යක්ශම තාව අඩු වෙන්න පුලුවන්.. එත් dot 4 වල එහෙම වෙන එක අවමයි!!

ප්‍රශ්ණ

dot 3 එකකට dot 4 තෙල් දාන්න පුලුවන්ද?    ඔව් පුලුවන්
dot 4 එකකට dot 3 තෙල් දාන්න පුලුවන්ද?   පුලුවන්. මොකද මූඩිය ඇරියාම වතුර උනත් දාතැහැකිනෙ ? :P
ewww.. :X
dot 4 එකකට dot 3 තෙල් දාන්න සුදුසුද ?      කොහෙත්ම සුදුසු නැහැ

මීට අමතරව බ්‍රේක් ඔයිල් 100000km වගේ මාරු කරන්න කියලා තමා වාහන හදන ආයතන කියනන්නේ

ඒක ඇඟට ගුණයි.. මොකද ජිවිත ගානක් ඕක මත !! තව ඒ එක්කම බ්‍රේක් වොශර් ටිකත් හොදද කියලා බලව ගන්න.. ඒවා දාන්න ඕනනම් හොදම ඒවා දාන්න. ඒවා ටිකක් මිලයි එත් ගාන වගේ නෙවේ.. ආරක්ශාව ගැන හිතන්න.

3. ක්ලච් ඔයිල්

මේකත් බ්‍රේක් ඔයිල් වලට සමාණයි. ඒ වගේම ටැංකියක් තියෙන්නෙ, මේකෙත් dot 4 dot 3 කතාව තියෙනවා. බ්‍රේක් ගැන උඩ කතා කරපු ටික සියල්ලම මේකට අදාලයි..
දැන් තිං ඔටෝගියර් වාහන තියෙන අය රෙදි උස්සන් එන්න එපා ආ මූ බොරු කියලා. අපෙ එකේ එහෙම ටැංකියක් නෑ කියලා.. බය වෙන්න එපා ඔටෝ ගියර් වාහන වලට ක්ලච් එකක් එළියෙන් නැ :P

සමහර වාහන වල බ්‍රේක් හා ක්ලච් දෙකටම ඔයිල් එන්නෙ එකම ටැංකියේ..

 4. ගියර් ඔයිල්
 
 වාහනේ ගියර් ඔයිල් එනවා.. නමුත් ඕක බලන්න තෙල් කූරක් එන්නෙ නැහැ, ඒක සේවා ආයතනයකදිම පරික්ශාකර ගන්න වෙනවා.. එත් අලුත් ඔටෝගියර් වාහන වලට එනවා කූරක්. එකෙන් අඩු වැඩි කම් බලාගන්න පුලුවන්.. අඩු නම් සෙවා ආයතනයකින්ම තෙල් දාගන්න! මොකද ඕක ටිකක් සංකීර්ණයි වගේම පිරිසිදුව වෙන්න ඕන දෙයක්..

5. Power steering oil

ගොඩක් අලුත් වාහන වලට එන්නෙ මේ යාංත්‍රික සුක්කානම් ක්‍රමය ( Power steering)
ඒකෙත් පොඩි තෙල් ටැංකියක් තියෙනවා.. එවත් අඩු නම් නිසියාකාරව ලෙවල් එකට දාගන්න ඔන.. තෙල් අඩු උනොත් රෝද කපන්න අමාරුයි. තව පවර්ස්ටීරිං පොම්පෙ කැපෙන්න පුලුවන්.. එක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයිල් අඩු උනාම රෝද කපද්දි අමුතු හම් සද්දයක් එනවා..

..................

ඔයිල් ගැන කතාව ඔච්චරයි.. ඊලගට තියෙන්නෙ රේඩියේටර් එක
Radiator මූඩිය
වාහනේක මේ කොටසත් හරි වැදගත්.. එන්ජිමෙ රස්නෙ පාලණය කරන්නෙ රේඩියේටර් එකෙන්.. ඕක නැත්නම් එන්ජිම රත් වෙලා ලොකු වින්නැහියක් වෙන්න පුලුවන්.. ඉතිං මෙකෙ සිසිලන කටයුතු වෙන්නෙ වතුර මගින්.. වාහනෙ එන්ජින් ඔයිල් බලද්දි  මූඩිය ඇරලා බලන්න වතුර අඩුද කියලා.. අඩු නම් වතුර දාන්න.. ඒ වගේම රෙඩියේටර් කූලන්ට් කියලා ජාතියක් තියෙනවා.. වතුරත් එක්ක ඒවත් දාන්න පුලුවන් නම් රෙඩියේටරෙ ඇතුලෙ මලකඩ හැදෙන එක අඩු කරගන්න පුලුවන්.. එතැකොට නිසියාකාරව මේ පද්දතිය වැඩ කරනවා.. 100% වතුර දාන්න හොද නැහැ!

තව දෙයක්.. වාහනේ රත් වෙච්ච වෙලාවක නම් මේක ගලවන්න යන්න එපා.. එහෙම උනොත් උණුවතුර නාගන්න තමා වෙන්නෙ :D ඒ ගැන කල්පනා කාරි වෙන්න..
තව වාහනෙ හීට් මීටර් එකක් තියෙනවා.. එකත් බලගෙන යන්න හීට් එක වැඩි නම් වාහනෙ ටිකක් විතර නිවෙන්න ඇරලා එන්ජිම ස්ටාර්ට‍ එකෙ තියෙද්දි වතුර දාන්න.. ඒක තමා නිවැරදි ක්‍රමය. මොකද අදික රත්විමකදි ප්‍රසාරණය වෙච්ච කොටස් නැවත තිබ්බ ගානටම එන්න ඕන නේ.. !! ඒවා ගැන වැඩිපුර සැලකිලිමත් උනොත් වාහනේ ගොඩක් කල් දෝශ නැතිව පාවිච්චි කරන්න පුලුවන් වේවි.. !!

මේ සම්බන්දව අහන්න තියෙන දේවල් කමෙන්ට් මගින් අහන්න.. !!
අදට මේ ඇති.. තව ලිපියකින් හමුවෙමූ

ද බනී෴


.


Tuesday, March 12, 2013

වොල්වෝ මගින් නවතම තාක්ෂණ රැසක්

කාර් නිපද වන්නන් අතර වොල්වෝ නාමය වඩාත් ප්‍රසිද්ධ වන්නේ සුරක්ෂිත බැවින් අනුන නාමයක් ලෙසටයි. වසර ගනනක් පුරාවට කරන ලද පර්යේෂණ වලින් විවිධ ආරක්ෂක ක්‍රම වේද එළිදැක්විණ. මේ අතුරින් වඩාත් කතා බහට ලක්වන නිමවුමක් මේ නුදුරේදී එළිදැක්වීමට නියමිතයි. එය හදුන්වන්නේ පාපැදි සහ යතුරු පැදි හදුනාගැනීමේ තාක්ෂනය (cyclist detection tech) යනුවෙනි.

මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන ආකාරය

ලෝකයේ පළමු වතාවට එළිදකින මෙම තාක්ෂනය මගින් වාහනය ධාවනය වන අතරතුර පාපැදියක් රථය දෙසට අනාරක්ෂිතව පැමිණෙන්නේ නම් එහි අන්තර් ගත නවීන මෘදුකාංගය මගින් රථය නවත්වනු ඇත. මෙම මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන අතර පයින් ගමන් කරන්නන්, යතුරුපැදි කරුවන් සහ පාපැදි කරුවන් වෙන් වෙන් වශයෙන් හදුනාගත හැක.


මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන ආකාරය


2006 වසරේ සිට ඇරබුන වොල්වෝ හි මෙම තිරිංග තාක්ෂණ පද්ධති 2010 වසරේදී රථය විසින්ම ක්‍රියාත්මක වන ආකාරයට හදුන්වා දුන් අතර මේවන විට වොල්වෝ නාමය ආරක්‍ෂිත ක්‍රම රැසක පුරෝගාමියා වී අවසානය.


අනාරක්ෂිත පාපැදි හැසිරවීම් බහුල ආසියානු රටවල ට මෙම තාක්ෂනය වඩාත් යෝග්‍යයි. ඉතා විශාල ගණනකින් අනතුරු සිදුවිමට පෙර  වලක්වාගැනීමේ හැකියාව මින් ලැබේ. මිට පෙර වොල්වෝ මගින් අධි තාක්ෂණ ක්ෂණික තිරිංග පද්ධිතියක් වන 'CW-EB' (Collision Warning - Emergency Breaking ) පද්ධිතිය එලිදක්වූයෙ ඔවුන්ගේ නවතම 'F' මාදිලියේ ට්‍රක් රථ සදහාය. ලොව පුරා කතාබහට ලක් වූ එම පද්ධතියේ වීඩියෝව පහතින්:





ඔවුන්ගේ මීලග ඉලක්කය වන්නේ සතුන් පාර හරහා පැනීම් වලින් සිදුවන අනතුරු අවම කිරීමේ තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමයි.


Thursday, November 15, 2012

ජපන් කාර් රේඩියෝවෙ frequency වෙනස් කරන හැටි

   මං හිතන්නෙ ලංකාවෙ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා මේක.. මොකද ජපන් වාහනයක් ගත්තාම ඒකෙ එන රේඩියෝවෙ frequency තියෙන්නෙ 90 දක්වා විතරක් නිසා.. නමුත් ලංකාවෙ බොහෝ ජනප්‍රිය රේඩියෝ චැනෙල් තියෙන්නෙ 100 ගනන් වල.. ඉතිං ගොඩක් අය දුක් වෙනවා රේඩියෝව වත් අහන්න නැහැ කියලා.. ඒ වගෙම සමහර අය ලෝබයි ආපු ප්ලේයර් එක ගලවලා අයින් කරන්න.. ඒවගෙම වෙන ඒවා හයි කරත් ඒ තිබ්බ ප්ලේයරයෙ පහසුකම් නැති වෙන එක ගැනත්!.

ඉතිං අපි අද කතා කරන්න යන්නෙ තියෙන ප්ලේයර් එකම එහෙම්ම පරිස්සම් කරගෙන.. ඒ රෙඩියෝවෙන්ම.. අනික් චැනල් ටිකත් අල්ල ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න
මේකෙදි මම පොටෝස් අරන් තියෙන්නෙ Honda insight කියන මාදිලියෙ වාහනයක එන ප්ලේයරයේන්..

බොහො විට අනික් වාහන වලත් මේ ප්ලේයරයම එන්න පුලුවන්.. (power antenna එන එවාගෙ)
අපි මේකට පාවිච්චි කරන්න යන්නෙ කන්වර්ටර් එකක්
මෙන්න මේ දකුණු පැත්තෙ තියෙන පිංතුරෙ ජාතිය.. මේක ebay එකෙන් වගේ ගෙන්න ගන්න පුලුවන්.. ලංකාවෙත් තියෙනවා.. ලංකාවෙ හදන එක නම් ඒ හැටි ගුණාත්මකයි කියලා කියන්න බැහැ!
සමහරු හිතයි අයියෝ ඕක මොකක්ද මෙකට පොඩි කරන්ට් එක්ක දිලා නිකන්ම ප්ලග් කරන්න නෙ තියෙන්නෙ මේ වම්පැත්තෙ පිංතුරෙ වගේ කියලා.
      ඒත් අලුතෙන් එන නවීන පන්නයෙ වාහන වල තියෙන්නෙ ඔය හැඩයට නෙවේ.. ඉස්සර ඔහොම කූර වගෙ ඇන්ටනා ජැක් අවාට.. දැන් එන්නෙ සාමාන්‍ය වයර් කනෙක්ටර් එකක් විදියට.. එහෙම කරපු හෙතුව විදියට මට නම් හිතෙන්නෙ ගැලවෙන්නෙ නැති කම වෙන්න ඇතී.. (මොකද ඕක ගලවද්දි ටිකක් තදයි :D )

හරි අපි වැඩේට බහිමු..

අවශ්‍ය ද්‍රව්‍ය
01. fm frequency කන්වර්ටර් එකක් (ebay වගේ ගන්නත් පුලුවන්. නැත්නම් රේඩියෝ බඩු සාප්පු වලත් තියෙනවා)
02. 5A fuse එකක් (මේකෙ ඇම්පිර් ගාන නම් තව අඩු උනත් කමක් නැහැ)
03. පාස්ස ගන්න ඊයම් හා බවුත් එකක්
04. සෙලෝ ටේප්..
05. හා ගලව ගන්න tools..

මුලින්ම දැත දෙපා සෝදලා රේඩියෝව ගලව ගම්මු..  :D
ඕක තමා පනයන වැඩේ.. මොකද ඩැශ්බෝර්ඩ් ගලවන්න එපැයැ.. මං නම් ඔය ගලවන විදිය කියලා දෙන්න යන්නැ.. මොකද එක එක වාහන වල එක එක විදියට තියෙන්න නිසා. ඒක නිසා ඒ ගැන දැනුමක් ඇතුව ගලවනවා නම් ඇගට ගුණයි.. මොකද පස්සෙ මං කිවා කියලා ගලවන් ප්ලාස්ටික් කැලි කැඩිලා තුවාල කරන් මට බනින්න එපා :D

"වාහනේ සුවිච් එක ඕෆ් කරලා තියන්න මතක තියා ගන්න"

එත් මං Honda insight එකෙ ගලවන්න ඔනි කැලි ටික ගැන සරලව ඉඟියක් දෙන්නම්.
මුලින්ම කැසට් එකට යටින්ම තියෙන ලයිටර් හෝල්ඩර් එක හා විඩියෝ ඉන්පුට් තියෙන කොටස ගලව ගන්න. ඔකෙ දෙපැත්තට පිහිතුඩක් දාලා ඇද්දාම ගැලවිලා එනවා (පිහි තුඩවල් දාද්දි පරිස්සමින් හීරෙන්න බලයි)

මේ පහල පිංතූරෙ වගේ.

වයර් දෙක ගැලෙව්වට පසු.
ඊට පස්සෙ ඒවාගෙ පිටි පස්සෙ ශොකට් දෙක ගලවලා ඔය කොටස පරිස්සමෙන් අරන් තියන්න..  
ඊට පස්සෙ වම් පැත්තෙ කැබින් එක ගලව ගන්න.. එතැකොට හොදට පැහැදිලිව කැසට් එක පේනවා..  ඊලගට ඔය ලයිටර් හෝල්ඩරෙ ගලවපු තැනින් උඩ බලන්න ඇනයක් තියෙනවා .. ඒක ගැලෙව්වාම කැසට් එක එළියට ඇදලා ගන්න පුලුවන්.. ඒවාගෙ පොටෝස් ගන්න ක්‍රමයක් නම් නැහැ :(

මේ තියෙන්නෙ ගැලෙව්වට පස්සෙ 
දැන් ඕක යටින් රෙදි කෑල්ලක් එහෙම තියන්න.. හීරෙන නිසා.. මේ වැඩේට තවකෙනෙක් අල්ල ගන්න එක හොදයි මොකද මේවාගෙ වයර් බොහොම කොටයි.. ඉතින් අල්ලන් ඉන්න වෙනවා.. 
දැන් තමා ටිකක් කල්පනාවෙන් කරන්න ඔනි තැන.. කැසට් එක ගැලෙව්වාම පිටිපස්සෙ තියෙනවා අලු පාට වයර් එකක්.. ටිකක් මහතයි.. බොහො විට වයර් දෙකක් එකට අලවලා එන්නෙ එක දෙකට මැදින් ඉරලා වයර් දෙක වෙන් කරගන්න පුලුවන්.. අන්න ඒ වයර් එක හොයලා ගන්න.. 
මේ තියෙන්නෙ ඒ වයර් එක හයිවෙන තැන..
මේ තියෙන්නෙ වයර් එක ගලව ගත්තාම හැඩය..

දැන් ඔය උඩ පිංතූරෙ වයර් එක ශොකට් එකෙ ඉදන් අගල් 4 ක් දිගට වගෙ ඉතිරි කරලා කපා ගන්න..
වයර් එක කැපුවට පසු ඉතිරි කොටස
වයර් එක කැපුවට පසු


දැන් කන්වර්ටර් එක අරගෙන ඒකෙ එක පැත්ක තියෙන රෙඩියොවට ගහන ජැක් එක සාමාන්‍ය දිගක් තියාගෙන කපා ගන්න.. ඒක විසි කරන්න එපා ඒක ඔනි වෙනවා.. දැන් එකෙ වයර් වල රබර් කැල්ල කපලා සුද්ද කරගන්න.. පරිස්සමෙන් සුද්ද කරන් හීනි කම්බි ටික වෙනමයි තනි කම්බිය වෙන මයි සුද්ද කරගන්න.. 
අපි ඉස්සෙල්ලා කපා ගත්තු ශොකට් එකෙත් මහත වයර් එක අරන් බලන්න එකෙ පැහැදිලිව පෙනවා අර TV ඇන්ටනා වයර් වල වගේ මැද කම්බියයි වටේට හීනි හීනි කබ්බි ගොඩකුයි ඇති.. අන්න එකත් සුද්දකරලා.. කන්වර්ටර් එකෙ වයර් දෙකට තියලා වෙන වෙනම බවුත් එකකින් පාස්ස ගන්න.. ඊට පස්සෙ හොදට සෙලෝ ටේප් ගහලා ඒ වයර් දෙක ශෝට් වෙන්නැතිවෙන්න ආවරණය කරගන්න!
මේ පහල පිංතුරෙ වගෙ රතු වයර් එකයි කළු වයර් එකට එකට තියලා පාස්සන්න එපා මොකද ඔතැනට ෆියුස් එකක් දාන්න ඔනේ..!

දැන් ඔන්න හරි.. දැන් කරන්න ඔනෙ මේක කාර් එකෙ වයර් එකට තියලා පාස්ස ගන්න එක.. දැන් යන්න කාර් එකට එකෙ අර අපි කලින් ශොකට් එක සුද්ද කරලා කම්බි මතු කරගත්තා වගෙ ඒ වයර් එකත් සුද්ද කරගන්න.. ඊට පස්සෙ අපි මතකනෙ කලින් කන්වර්ටර් එකෙ තිබිලා කපා ගත්තා ජැක් එකක් ? අන්න ඒකත් සුද්ද කරලා අරන් අර වයර් එකට පාස්ස ගන්න.. ඕක කැතයි වගේ කියලා හිතෙනවා නම්.. අර ජැක් එක ගැලෙව්වාම පරන වයර් එක ගලව ගන්න හැකි.. ඊට පස්සෙ කාර් එකෙ අපු වයර් එකට තියලා පාස්ස ගන්න..  නැත්නම් සාමාන්‍ය විදියට පාස්ස ගන්න .. 
ජැක් එක කාර් එකෙ වයර් එකට තියලා මෙන්න මෙහෙම පාස්ස ගන්න
කම්බි ටිකත් එකට පාස්ස ගන්න. ඔය කම්බි කැලි හැලෙන නිසා යටින් රෙදි කැල්ලක් හරි කඩදාසියක් හරි තියා ගන්න.. නැත්නම් එවා ප්ලේයරෙ අස්සට වැටෙන්න පුලුවන්

දැන් ඒකත් හොදට සෙලෝටෙප් වලින් ඔතා ගන්න ශෝට් වෙන්නැති විදයට..

ඊලගට කරන්න තියෙන්නෙ කන්වර්ටරෙට කරන්ට් එක දෙන එක.. කරන්ට් එක දෙන්න කලින් මොකක් හරි ප්‍රශ්ණයක් උණොත් කියලා ෆියුස් එකක් දාන එක හොද නිසා 
කන්වර්ටරෙ රතු වයර් එකට ෆියුස් එකෙ එක කෙලවරක් පාස්ස ගන්න.. ඊට පස්සෙ අපි කලින් කපා ගත්ත කළු කරන්ට් වයර් 2ක  එකට තියලා.. ෆියුස් එකෙ අනික් කෙලවරත් එතැනට තියලා පාස්ස ගන්න.. ඊලඟට හොදට සෙලෝටෙප් වලින් ඔතන්න.. මොකද කරන්ට් එකක් යන නිසා!

ෆියුස් එකෙ කෙලවර හා කපා ගත්ත වයර් දෙක
එකට තියලා පාස්ස ගන්න
රතු පාට වයර් එක තමා ෆියුස් එකෙ වයර් එක..
මේ තියෙන්නෙ ෆියුස් එක
ඔන්න දැන් හරි!
මෙන්න තියෙනවා සර්කිට් එක.. මේක බැලුවාම තෙරුම් ගන්න පුලුවන් කරන්න ඔනි මොකක්ද කියලා
දැන් ඔන්න සම්පුර්ණයෙන්ම වැඩ ඉවරයි.. ආයෙ බලන්න දෝශ මොනවා හරි තියෙනවද කියලා.. ඊට පස්සෙ අර පාස්ස ගත්ත ජැක් එක කන්වර්ටර් එකට ගහලා.. අපි ප්ලෙයරෙන් ගලවපු ශොකට් එක ආයෙ ප්ලෙයරෙට සම්බන්ද කරලා.. 
දෙයියනෙ කියලා දැන් පරිස්සමෙන් ප්ලෙයරෙ හයිකරගන්න :D


දැන් බලන්න රෙඩියෝව දාලා සිංදු ඇහෙනවද කියලා.. දෝශයක් ආවොත් එන්නෙ කන්වර්ටර් එකෙ.. එහෙම ප්‍රශ්ණයක් උනොත් කන්වර්ටර් එක මාරු කරලා බලන්න.. නැත්නම් මේ ක්‍රමේ 95% ක් පමණ සාර්ථකයි.. මීට අමතරව රු 10000/= ක් විතර වියදම් කරලා කරන ක්‍රමත් තියෙනවා.. :D
මේකට නම් යන්නෙ රු 500 ක් වගේ.. 

ඉතිං අපි යන්න කියලා.. මොනම හරි දෝශයක් තියෙනවා නම් කියන්න.. මොකද මාත් හැමදේම ඉගෙන ගන්නවා.. ඒක නිසා කතා කරන්න.. කරන්නැතිව කිසිම දෙයක් ඉගෙන ගන්න වෙන්නැනෙ..!!

ඉතිං ආයෙ මේ වගේ දෙයක් අරන් නැවත එන්නම්..!
ජය වේවා!!


.....

සෑයූ: උපුටාගැනිම් සියල්ලම මාගෙ අනුමැතිය ඇතිව උපුටාගත යුතුය! එසේ නොකිරීම සොරකමකි!

Tuesday, October 16, 2012

Honda insight රථයක් ගන්න පෙර..

                අද පාරට බැස්සහම හුඟක් වෙලාවට කාර් වලින්, හයිබ්‍රිඩ් රථ වැඩි පුර දකින්න පුලුවන්..  බොහො දෙනෙක් තාක්ශණයට බය උනාට.. ඊට වැඩියෙන් බුද්දිමතුන් ඉන්නවා කියලා හිතන්න පුලුවන්..

ඉතිං අද අපි Garage Tips තුලින් කතා කරන්න හදන්නෙ Hybrid රථ වලින් එකක් වන Honda insight ගැන කතා කරන්න.. 


බොහෝ වෙලාවට insight  රථයක් ගත්ත අය කරන ලොකුම මෝඩ කම තමා මිල අඩුවෙන් ගැනිමෙ මූලික අදිශ්ඨාණයෙන් ම සිටීම.. ඒත් කරපු මෝඩ කමෙ ප්‍රතිඵළ එන්නෙ වාහනෙ විකුණන්න ඔනි උනාම.. මොකද නැවත විකුණුම් මාර්කට් එක තියෙන්නෙ ඔප්ශන් මත නිසා..!
ගොඩක් දුරට ලාංකාවට ගෙන්නන insight රථ වල ඔප්ශන් අඩුයි. හේතුව නම් මොකද මංද.. මං හිතන විදියට ජපානෙ මේ රථ භාවිතයෙ වැඩි කම නිසා අලුත් ඒවට යනප්‍රවණතාව වැඩි නිසා භාවිතා කල පරන වාහන අපිට එවනවා..! ඕක සාර්ථක පිලිතුරක් නම් නෙවේ.. 

    මට ඔය කිසිම දෙයක් අදාල නැහැ.. මම කියන්න යන්නෙ නියම තත්වයෙ හොද Honda insight එකක තියෙන ඔප්ශන් ගැන කතා කරන්න..

01. වාහනෙ සැප පහසුව (comfort)
    insight රථයෙ නිශ්පාදිත වර්ශ්‍ය 2006 , 2007 , 2008 වගේ වර්ශ වල ආපු රථවල සැපපහසුව ගැන නම් ඒ හැටි හිතලා නැහැ. නමුත් ඊට අලුත් ඒවාගෙ සාමාන්‍ය හොද මට්ටමේ සැප පහසුවක් තියෙනවා.. ගොඩක් වෙලාවට මේවාගෙ සැලකිලිමත් වෙලා තියෙන්නෙ තෙල් ඉතිරි කිරීම ගැන විතරයි, නමුත් ආරක්ශාව ගැනත් හිතලා තියෙනවා. වෙන වාහන වලට වඩා විශේෂ අරක්ශන ක්‍රම තියෙනවා. (insight රථයෙ මිලට සාපෙක්ශ වාහන වල)
 උදාහරණයක් විදියට යම් අනතුරකදි air bag එක එළියට අවොත්, ඒ මගින් පනිවිඩයක් ගෙනියනවා රථයෙ විද්‍යුතය පරීක්ශාකරන ECU කියන උපකරණයට (electronics control unit) එකෙන් කරන්නෙ නිතර නිතර රථය තුල අනාරක්ශිතව විද්‍යුතය එළියට යනවද කියලා හොයන එක. ඒ කියන්නෙ වයර් එකක් කැඩිලා වගෙ නම් ටක් ගාලා හොයා ගන්නවා කැඩිලා කියලා.. ඊට පස්සෙ එයා කරන්නෙ වාහෙන තියෙන පොඩි සාමාන්‍ය බැටරියෙන් සොලොනයිඩ් එකක් ක්‍රියාත්මක කරවලා ඔක්කොම විද්‍යුත් පද්දති විසන්දි කරලා දාන එක.. 
ඒ වගෙම මේක හදලා තියෙන්නෙ 4 දෙනෙකුට පහසුවෙන් යන්න හැකි විදියට.. ඊට වඩා ගියොත් ඉතිං බර වැඩ නිසා තෙල් ප්‍රමාණය වැඩියෙන් පිච්චෙනවා..
ඒක නිසා හිතන්න ඔනි පවුලෙ ඉන්න ප්‍රමාණය අනුව තමන්ගෙ කාර්යට ගැලපෙන විදියට වාහනයක් ගන්න!

02. වාහනෙ පැදපු දුර ප්‍රමාණය (Mileage
    ගොඩක් අය ගන්න යන්නෙ වාහනෙ දුවපු ප්‍රමාණය අඩු එකක්, ඒත් සැලකිලිමත් වෙන්න insight  රථයේ තියෙන්නෙ ඩිජිටල් මීටරයක්. ඕක වෙනස් කරන්න පුලුවන්.. ඕක 000 තත්වයට අරන්, වාහනෙ ඉස්සරහා උස්සලා ස්ටාට් කරලා ගියර් එකකට දාලා 15000km වගෙ වෙන්න කරකැව්වොත් මොකද හිතන්නෙ..? ඉතිං ඒ ගැන කල්පනා කරන්න.. 

"මිං ඉදිරියට අපි කතා කරමු වාහනෙ එන්න ඔනි දේවල් ගැන"

03. ටයරය (Tyre)
  බොහෝ දුරට මෙවාගෙ සයිස් එක 15, ඒ වගෙම ඇලෝයි වීල් තියෙද බලන්න ඇලොයි වීල් නැත්නම් කැතයි..

04. ආරක්ශක උපකරණ (remote key and security system)
    ගොඩක්ම insight  වල එන්නෙ යතුර දාලා ස්ටාර්ට් කරන ටයිප් එකට.. එකෙ රිමොට් එකක් එන්නෙ නැහැ. ඒක ලොකු අවාසියක්. මොකද ඕවා හයිකරන්න ගියාම ලොකු මුදලක් යට කරන්න වෙන එක හා එකෙ නියම නිමාවට එන්නෙ නැති කම!
ඉතිං වාහනෙ ගද්දි බලන්න රිමොට් එකත් ලැබෙනවද කියලා.. රිමොට් එකට අමතරව යතුරකුත් ලැබෙනවා.. නමුත් යතුර අවශය වෙන්නෙ රිමොට් එක නැති උනොත්, රිමොට් එකෙ බැටරිය බැස්සොත් වගෙ අවස්ථාවලදි පාවිච්චියට ගන්න..
තව දොරවල් වල ලොක් එකට අමතරව ස්විච් එනවා.. ඉස්සරහා දොරවල් දෙකට හා පිටි පස්සෙ ඩිකියෙ දොරට තමා එන්නෙ.. මෙකෙන් පුලුවන් ඔයාට රිමොට් එක ඔබන්නෙ නැතිව දොර අගුළු දමන්න හා අගුළු ඉවත්  කරන්න.. ඒක ප්‍රයෝජනවත් වෙන්නෙ
 අපි කඩේකට ගිහින් බඩු මුට්ටු උස්සන් ඇවිල්ලා වාහනෙ ඇතුලට දාගන්න ගියාම යතුර දාලා කරකවලා ලොක් ඇර ඇර ඉන්න කරදරයි නේ. තියෙන්නෙ රිමොට් එක ඔබන එක. රිමොට් එකත් සාක්කුවෙ නම් ගන්න අපහසු නම්, දොරෙ හැඩල් එක ඇද්දාමත් ඇරෙනවා. අර බට්න් එක එබුවාමත් දොර ඇරෙනවා.. !!

තව මේ රිමොට් එක කල්පනා කාරිව වැඩ කරන එකක්.. අයිතිකරු නැති නම්. වාහනෙ ලොක් කරලත් නැත්නම්, ටක් ගාලා හොයලා බලලා ලොක් කරගන්නවා. හැබැයි රිමෝට්  ඇතුලෙ තියෙද්දි නම් ලොක් වෙන්නෙ නැහැ.. ඒ වගෙමයි කවුරු හරි වීදුරුවක් කඩලා වාහනෙ දොරක් අරින්න වගෙ උත්සාහා කලොත්.. සියල්ලම නැවතිලා සිග්නල් ලයිට් පත්තු වෙවි හෝන් එක එක දිගට නාදය වෙන්න පටන් ගන්නවා.. !!

5. බහු කාර්ය සුක්කානම (Multi function steering wheel)
  ගොඩක් ලංකාවට එන insight  වල මේ පහල තියෙන පිංතුරෙ වගෙ බට්න් එන්නෙ නැහැ 
ගොඩක් දුරට එන්නෙ ඔය දකුණු පැත්තෙ තියෙන info button එක විතරයි.. නමුත් නියම insight  එකක මේ සියල්ලම එනවා..
 වම් පැත්තෙ බට්න් සම්බන්ද වෙන්නෙ වාහනෙ DVD player එකට.. එකෙන් එකෙ යම් යම් දේ පාලණය කරන්න පුලුවන්.. (උදා: next song, volume)
ඊට පහලින් තියෙන්නෙ කෝල් ගන්න බට්න් එක. එකෙන් යන ගමන් කෝල් ගන්න පුලුවන්. ඒකට ඔබෙ ජංගම දුරකථණය සම්බන්න කරන්න ඔනි.. (ඒක මං වෙනමම කියලා දෙන්නම්)
ඒකට යටින් තියෙන්නෙ කටහඩින් යම් යම් දේ පාලණය කරන්න තියෙන බට්න් එක..
උද:විදියට අපිට CD එක නවත්තලා USB එකෙන් අහන්න ඔනි නම්..  ඔය බට්න් එක ඔබලා "USB" කියලා කිවා නම් එයා ටක් ගාලා USB වලට මාරු කරගන්නවා.. ඒ සම්බන්ද වැඩිදුර විස්ථර වලට මේක බලන්න

ඒ වගේම ගොඩක් ඒවාගෙ USB/ipod කේබල් සම්බන්ද කරන්න එන්නෙ නැහැ.. ඒක තියෙනවද බලන්න!

6. HID lamps (High-intensity discharge lamps)
    ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.. මේක නව යුගයෙ වාහන වලට එන ලාම්පු විශේෂය.. මෙකෙ හොද එළියක් වගෙම ඉස්සරහට එන මනුස්සයාගෙ ඇහැට අමාරුවක් නැතිව දාවනය කරන්න පුලුවන් සාර්ථක ක්‍රමයක්..  ඉතිං ඕකත් තියෙද බලන්න.. මං දැකපු හුඟක් ඒවාගෙ HID lamp නැහැ!

7. sport ගියරය 
 ගොඩක් insight  වල ඔය ගියර් එක නැහැ..
මෙකෙ විශේෂත්වය තියෙන්නෙ ඉතිං වේගෙන් යන්න පුලුවන් එක තමා :D
ඔය ගියර් තත්වයෙදි RPM එක හුඟක් ඉහලට යනවා ඉක්මනින්ම.. ඉතිං තෙල් නම් වාශ්ප වෙන සුලුයි :D

ඉතිං ලංකාවෙ තියෙන insight ගන්න යද්දි පොඩ්ඩක් කල්පනාවෙන් හොයලා බලලා ගන්න.. එකකට එකක් වෙනස්.. ඒ වගෙම හයිබ්‍රිඩ් එකක් ගන්න ඔනි කමට බොහොම අඩුවට තියෙන ඒවා ගන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ නැතිව.. සමාන්‍ය මිලට මේ උඩ තියෙන දේවල් එක්ක බලලා ඔප්ශන් තියෙන වාහනයක් ගන්න!.. හොදම දේ දන්න කෙනෙක් ලව්වා ජපානෙන්ම බලලා ගෙන්නව ගන්න එක.. නැත්නම් හොන්ඩා ආයතනය සම්බන්ද කරගෙන බලන එක..

එහෙම නැත්නම් විසේසඤ්ඤ බනී මහතා අමතන්න ;) :P


පාලි:  ඔනැම වාහනයක් වේවා, මොකක් හරි යමක් ගන්න යද්දි ඒක ලියාපදිංචි නොකල වාහනයක් නම්, බ්‍රෝකර් වරු ගාව ගන්න එපා..හොද කාර්මිකයෙක් එක්ක යන්න.. තමන් ගන්නෙ අලුත්ම තත්වයෙ වාහනයක් නම් අනවශ්‍ය වියදම් කරගන්න එපා!

..
මේ වගෙ තව දේවල් හොයාගෙන මම එන්නම්.. එතකන් රැදී ඉන්න 
The Garage Tips සමඟ!! 


.....

Tuesday, September 18, 2012

වාහනේ A/C අඩු කලා කියලා තෙල් පිච්චෙන එක අඩු වේද?

මම දැකලා තියෙනවා සමහර A/C බස් වල එහෙම ටිකක් දුර යද්දි A/C අඩු කරනවා.. සමහර අයත් වාහනෙ යද්දි ගොඩක් තෙල් පිච්චෙනවා වැඩී කියලා A/C එක අඩු කරනවා..
නමුත් අපි A/C එක අඩු කරලා කරගන්නෙ තව තෙල් පිච්චෙන එක වැඩි කරගන්න එක!

ඇයි එහෙම කියන්නෙ?

වාහනයක A/C පද්දතියෙ මූලිකම දේ A/C Compressor එක.. ඕකට බෙල්ට් එකක් දාලා එන්ජිමට සම්බන්ද කරලා තියෙනවා.. එන්ජිම ක්‍රියාත්මක වෙද්දි ඕක කැරකෙනවා.. ඊට පස්සෙ තව සිද්දීන් කීපයක් වෙලා සිසිල් සුළන් එනවා..!
ඇත්තටම මේක එන්ජිමට ලොකු බරක්.. එන්ජිමේ RPM එක යම් හෙතුවකින් අඩු උනොත් එන්ජිම නවතින තරමට මේක එන්ජිමට බරයි..
"A/C Compressor එකක්"
ඉතිං ගොඩක් අය හිතාගෙන ඉන්නෙ A/C දාගෙන යන ගමන් ටිකක් A/C පිරිලා වාහනෙ ඇතුල කූල් උනාට පස්සෙ.. A/C අඩු කරාම තෙල් පිච්චෙන එක අඩු වෙනවා කියලා..
එත් එහෙම වෙන්නෙ නැහැ
එන්ජින් එක ස්ටාර්ට් එකෙදි තියෙද්දි ඔය Compressor එක බෙල්ට් එකෙන් කැරකැවුනට ඇතුලෙන් Compressor එක කැරකැවෙන්නෙ නැහැ, A/C ස්විච් එක ON කරන්න ඔනි ඇතුලෙ කොටස් කැරකැවෙන්න..

ඒක වෙන්නෙ කොහොමද?

ඒක සිද්ද වෙන්නෙ චුම්භක ශක්තියෙන් වැඩ කරන ක්ලච් එකකින්
මේ පහල තියෙන්නෙ ඒ ක්ලච් එකක් හා electrical magnet එක
මේකෙ Pulley කියන එකට තමා බෙල්ට් එක දාන්නෙ..එන්ජින් එක ස්ටාට් එකේ නම් ඕක හැමතිස්සෙම කැරකෙනවා..  
ඊලගට අපි A/C switch එක ON කලාම මේ magnetic clutch coil කියන එකට විදුලිය ඇවිල්ලා අනික්පැත්තෙ තියෙන (පිංතූරයේ වම් පැත්ත) clutch එක ඇතුලට ඇදෙනවා.. එතකොට ඒක අර pulley එකේ ගෑවෙනවා.. ඔන්න දැන් Compressor එකේ ඇතුලෙ කොටස් කැරකෙන්න අරන් A/C වැඩ කරන්න ගන්නවා.. 

ඉතිං A/C හුලන් ප්‍රමාණයේ වේගය අඩු වැඩි කලා කියලා, එන්ජිමෙ වේගය අඩු වැඩි වෙලා, මේ Compressor එකේ වේගය අඩු වැඩි වේවිද? එහෙම උනොත් අපි යන ගමන අපේ වේගයකින් යන්නෙ කොහොමද?
එහෙම වෙන්නෙ නැහැ.. මේක කැරකෙන්නෙ එන්ජිම කැරකෙන වේගෙන්මයි.. මේක නිපදවන්නෙ එකම ප්‍රමාණයක හුලන්..

එහෙනම් කොහොමද සීතල අඩු වැඩි වෙන්නෙ?

සීතල අඩු වැඩි කරන්නෙ වෙනම fan එකකින්..
මේ උඩ තියෙන පිංතූරයෙ සරලව තේරුම් ගත්තොත් පුලුවන් මේක වටහා ගන්න..  ඔය අංක 8 තියෙන තැන තියෙන Cabin Blower Motor එකෙන් තමා අපිට එන සීතල සුලන් වල වේගය අඩු වැඩි කරන්නෙ.. 
මේ උඩ පිංතූරෙ තියෙනවා වගේ LO  HI  වෙනස් කිරිම් කලාට Compressor එකේ වේගය අඩු වැඩි වෙන්නැ .. අඩු වැඩි වෙන්නෙ Cabin Blower Motor එකේ වේගය..

ඉතිං අපි කොහොමද කියන්නෙ තෙල්පිච්චෙනවා වැඩී කියලා..? :)

තෙල්පිච්චෙනවා වැඩි නම් අඩු කරගන්නෙ මෙහෙමයි..

01.  ඔයා ගමනක් යන්න කලින් වාහනෙ ස්ටාට් කරලා A/C වැඩිම කරලා ටිකක් තියන්න.. ඊට පස්සෙ ඇතුළට නැගලා අවශ්‍ය ප්‍රමාණයට A/C තියා ගන්න.. A/C අඩු වෙලා ඇතුල රත් වෙන්න දෙන්න එපා..
එහෙම කියන්නෙ මේකයි.. ඇතුලෙ උශ්ණත්වය මනින්න thermostat කියලා කුඩා උපකරණයක් තියෙනවා.. මෙකෙන් වාහනෙ ඇතුල උශ්ණත්වය මනිනවා.. ඊට පස්සෙ ඇතුලෙ සීතල නියම විදියට පාලණය වෙනවා නම් Compressor එක Off වෙනවා.. වාහනෙ ස්ටාට් එකෙ තියෙද්දි හිටපු ගමන් "ටික්" ගාලා සද්දයක් එන්නෙ Compressor එක Off උනාම.. ඒ වගෙම ON වෙද්දිද් ඒ විදියට සද්දයක් ඇවිල්ලා එන්ජිම ටිකක් රේස් වෙනවා

වාහනෙ ඇතුලෙ සීතල හුඟක් තියෙනවා නම් ගොඩක් වෙලා Compressor එක Off එකෙ තියෙනවා. ඔන්න එතැකොට එන්ජිමට එන බර අඩු වෙලා තෙල් පිච්චෙන එක අඩු වෙනවා..

02. A/C oFF කරන්ම යන්න.. එතැකොට තෙල් පිච්චෙන්නම නැනෙ ;)



කොහොම කිවත් වාහනෙ ඇතුල ලස්සනටයි පිරිසිදුවයි තියෙන්න A/C අත්‍යාවශ්‍යයි.. සැපපහසු ගමනකට A/C නැතිවම බැරි දෙයක්.. ඉතිං තෙල්පිච්චෙනවා කියලා A/C අඩු කරන්න එපා.. ඒක මෝඩ වැඩක්!!

තවත් මේ වගේ දේකින් හමුවෙමු! දැනට ගිහින් එන්නම්.. මෙකෙ වැරදි තියෙනවා නම් කමෙන්ට් කරන්න.. අපි කතාකරමු!

ද මජන් හාවා෴


..


Wednesday, September 5, 2012

ඇරඹුම..

ආයුබෝවන්..
අපි එදිනෙදා කරන වැඩ කටයුතු වලදි යාන්ත්‍රික පැත්තෙන් නොයෙක් දෝශ එන්න පුලුවන්.. අපි සුලු දේකදි පවා කලබල වෙලා ඕක බාස් කෙනෙක්ට කියලා හදා ගන්න දුවනවා.. සමහර විට ඒක බොහොම සුලු දෝශයක් වෙන්න පුලුවන්.. ඉතිං මම මේ බ්ලොග් එකෙන් කතා කරන්න හදන්නෙ, ඔබේ ඒ කාලය මුදල ඉතිරි කරලා යම් යම් ශේත්‍රයන්ගෙන් යුත් දෑ වල දෝශ නිරාකරණය කරගන්න උපදෙස් දෙන්න..
ඒ වගේම අපි පොඩි පොඩි දේවල් නිපදවමු..

මෙකෙදි මම ගොඩක් කතා කරන්නෙ
එදිනෙදා එන
වාහන වල දෝශ, ඉලෙක්ට්‍රොනික් බඩු වල දෝශ .. වගේ නොයෙක් දැ..
ඉතිං රැදී ඉන්න.. ඉක්මනටම අලුත් දෙයක් අරන් එන්නම්!!
ජය වේවා!

ද මජන් හාවා෴


..