Sunday, April 28, 2013

සාමාන්‍ය දැණීම

වාහනයක් ගත්තා වගෙ නෙවෙනෙ.. ඒක නඩත්තු කරන්නත් එපැයි. නැත්නම් වාහනෙන් ගන්න පුලුවන් දේ නිසියාකාරව ගන්න බැරි වෙලා. අන්තිමට කඩාගෙන ඔක්කොම එපා වෙනවා.. එපාර තිං වාහනේ හදපු තැන් වල මිනිස්සුන්ගෙ දෙමව්පියෝ පවු.. :D

අද කතා කරන්න හදන්නෙ වාහනෙ ගැන අපි දැනන් ඉන්න ඕන සාමාන්‍ය දැනීම.. ගොඩක් අය කියයි අපෝ ඕවා අපි දන්නවා කියලා එත් සමහර අයට එහෙම දැනුමක් නැහැ.. කවදාවත් වාහන පාවිච්චි කරලා නැතිව.. එක පාරට වාහනයක් ගත්තාම ඒ ප්‍රශ්ණෙ එන්න පුලුවන්නේ .

හැබැයි අද ලියන්නෙ පිටින් දාන්න ඕන දේවල්.. ඒ කියන්නෙ හරියට නඩත්තු කරන්න නම් මොනවද කරන්න ඕන කියන එක හා අවශ්‍ය දෑ.

1. එන්ජින් ඔයිල්

වාහනෙ මූලිකම දෙයක් තමා එන්ජින් ඔයිල්. එන්ජින් ඔයිල් ජාති 2 ක් තියෙනවා එකක් පොලවෙන් ගන්න ඒවා. අනික්වා කෘතීමව හදන ඒවා.
එනම්
Synthetic oil
හා
Mineral oil

වාහනේ මාදිලිය අනුව ඔය ඔයිල් ජාති දෙකෙන් මොකක්ද දාන්නෙ කියන එක වෙනස් වෙනවා
ගොඩක් අලුත් වාහන වලට එන්නෙ Synthetic oil. මේවාගෙ ගොඩක් වාසි තියෙනවා.. ඉහල කාර්‍යක්ශම තාවකින් වැඩ කරනවා.. මොකද මේවා කෘතීම හදද්දි ඒවට විශේෂ රසායණික දේවල් දාලානෙ හදන්නෙ..
තව රත් වෙද්දි තෙල් වල ගණකම නියම අකාරයෙන් පවත්වාගෙන යනවා.. ඒ වගේම මිනරල් ඔයිල් වලට වඩා කාලයක් මේවා පාවිච්චි කරන්න පුලුවන්
සාමාන්‍යයෙන් 10000km වගේ. හැබැයි  8000km වගේ මාරු කරන්න පුලුවන් නම් හොදයි.. මොකද ෆංගස් වගේ දේවල් වලින් හානි වෙන්න පුලුවන් ඒ තෙල්..
ඊලගට මිනරල් ඔයිල්.. ඒව පොලවෙන් ගන්න ස්වභාවික තෙල්. හැබයි එවා වැඩි කල් පාවිච්චි කරන්න බැ..
5000km වගේ මාරු කරන්න ඕන..
මේ තෙල් ජාති දෙකේම එක එක ඝණකම්  තියෙනවා. ඒක වාහනෙ අනුව වෙනස් වෙනවා
ඉතිං නිවැරදි ඔයිල් දාන්න සේවා අයතනයකටම යන්න ඒ අය එක්ක කතා කරන්න.. හොද නරක පැහැදිලි කරගන්න. .






වාහනෙ පාවිච්චි කරනවා වැඩී නම්. හිතමු කැබ්සර්විස් එකක නම්..වාහනෙ දවසෙම වගේ දුවනවානෙ.. ඉතිං ඔය එන්ජින් ඔයිල් ටිකක් අඩු වෙන්න පුලුවන්.. හැමදාම උදේට වාහනේ ස්ටාර්ට් කරන්න කලින් තෙල් කූර අරන් බලන්න තෙල් අඩුද කියලා. .
එන්ජිම ස්ටාර්ට් කලාට පස්සෙ නම් තෙල් අඩුද වැඩිද කියලා හොයන්න අමාරුය මොකද තෙල් එන්ජිමේ හැම තැනම විසිරෙන නිසා.. කුහර අස්සවල් වල තියෙන තෙල් යටට එකතු වෙන්න ටිකක් වෙලා යනවා.. එක නිසා රෑට නවත්තලා උදේට බලන්න පුරුදු වෙන්න.. 


මේ විදියට තෙල් කූර ඇදලා අරන් රෙදි කෑල්ලකින් වගේ පිහිදාලා.. ආයෙ එන්ජිම ඇතුලට දාලා අරන් බලන්න තෙල් අඩුද කියලා




මෙතන A කියන එක අතර තෙල් තියෙන්න ඕන L එකෙන් පහල නම් තෙල් දාන්න ඕන H එක ගාවට නම් නියම ගානට තෙල් තියෙනවා!! (වාහනෙ අනුව තෙල් කූර වෙනස් වෙන්න පුලුවන් ගොඩක් එවාගෙ ඔය අකුරු කොටලා එන්නැ.. ඒ වෙනුවට පොඩි තව් දෙකක් තියෙන්න පුලුවන්)


2. බ්‍රේක් ඔයිල්

       වාහනේ මොනව නැතත් තියෙන්න ඔන බ්‍රේක් (තිරිංග) මොකද හදිසියට නවත්ත ගන්න එපැයැ :D
වාහනේක බේක් හා බ්‍රේක් ඔයිල් ගැන නම් සරලව හිතන්න එපා. මොකද ජිවිත ගනනකට වගකියන්න ඔය බ්‍රේක් බලපානවාමයි..  පුලුවන් හැම වෙලාවකම බ්‍රේක් ගැන සැලකිලිමත් වෙන්න බ්‍රේක් පැටල් එක වෙනදට වඩා පහලට ගිහින් නම් ඒක කාර්මිකයෙක් ලවා පරීක්ශා කරවා ගන්න, විශේශයෙන් සර්විස් එකේදි රෝද ගලවලා බ්‍රේක් පෑඩ්, බ්‍රේක් ලයිනර් ගෙවිලද කියලා වාර්ථාවක් ගන්න..
අපිටම බලාගන්න පුලුවන් දේකට තියෙන්නෙ ඔයිල් තමා.. ඔයිල්, ඔයිල් අඩුයි නම් ඩැඩ්බෝර්ඩ් එකෙ හැන්ඩ්බ්‍රේක් ඇද්දාම එන ලයිට් එකම පත්තු වෙලා තියෙනවා.. එකෙන් අපිට අඩුද කියලා බලා ගන්න පුලුවන් නැත්නම් බොනට් එක ඇරලා බලන්න අඩුද කියලා.
මේ MAX කියන තැනටම තෙල් තියෙන්නම ඕන

MAX එකට වඩා තෙල් අඩු නම් තෙල් දාන්න ඕන.. තෙල් දාන්න කලින් මූඩියේ බලන්න තෙල් දාන්න ඕන වර්ගය මොකක්ද කියලා
එකෙ ගහලා තියෙනවා dot 3,  dot 4 කියලා
dot 4 කියන්නෙ අලුත්ම වාහන වලට එන එකක්
ඔය dot 3 වලට වඩා dot 4 ගොඩක්ම හොදයි.. ඕකෙ තියෙන වාසි ත් ඒ වගේමයි

විශේෂයෙන් dot 4 වල වායු බුබුලු හැදෙන එක අවමයි.. වාහනේ බ්‍රේක් ඔයිල් දුවන බට පද්දතියෙ වායු බුබුලු හැදෙන්න පුලුවන්.. එහෙම උනාම අපි බ්‍රේක් පාගද්දි වායු බුබුලු නිසා තෙල් ගමනාගමනය හරියාකාරව සිද්ද නොවෙන්න පුලුවන්. එතකොට බ්‍රේක් පෑගෙන්න වෙලා යනවා.. ඒක ගොඩක්ම භයානකයි හදිසි තිරිංග පෑගිමකදි..
නමුත් dot 4 වල එහෙම වෙන එක අඩු වෙලා තියෙනවා!

තව dot 4 අදික උශ්ණත්වයට ඔරොත්තු දෙනවා.. අපි නොහිතුවට ගොඩක් වෙලාවට බ්‍රේක් පද්දතිය හා ඔයිල් රත් වෙනවා.. විශේෂයෙන්ම කංදක් බහිද්දි අපි බ්‍රේක් කරනවා වැඩි නේ.. ඒ වගෙ වෙලාවෙදි තෙල් වල ඝණත්වය අඩු වෙලා කාර්‍යක්ශම තාව අඩු වෙන්න පුලුවන්.. එත් dot 4 වල එහෙම වෙන එක අවමයි!!

ප්‍රශ්ණ

dot 3 එකකට dot 4 තෙල් දාන්න පුලුවන්ද?    ඔව් පුලුවන්
dot 4 එකකට dot 3 තෙල් දාන්න පුලුවන්ද?   පුලුවන්. මොකද මූඩිය ඇරියාම වතුර උනත් දාතැහැකිනෙ ? :P
ewww.. :X
dot 4 එකකට dot 3 තෙල් දාන්න සුදුසුද ?      කොහෙත්ම සුදුසු නැහැ

මීට අමතරව බ්‍රේක් ඔයිල් 100000km වගේ මාරු කරන්න කියලා තමා වාහන හදන ආයතන කියනන්නේ

ඒක ඇඟට ගුණයි.. මොකද ජිවිත ගානක් ඕක මත !! තව ඒ එක්කම බ්‍රේක් වොශර් ටිකත් හොදද කියලා බලව ගන්න.. ඒවා දාන්න ඕනනම් හොදම ඒවා දාන්න. ඒවා ටිකක් මිලයි එත් ගාන වගේ නෙවේ.. ආරක්ශාව ගැන හිතන්න.

3. ක්ලච් ඔයිල්

මේකත් බ්‍රේක් ඔයිල් වලට සමාණයි. ඒ වගේම ටැංකියක් තියෙන්නෙ, මේකෙත් dot 4 dot 3 කතාව තියෙනවා. බ්‍රේක් ගැන උඩ කතා කරපු ටික සියල්ලම මේකට අදාලයි..
දැන් තිං ඔටෝගියර් වාහන තියෙන අය රෙදි උස්සන් එන්න එපා ආ මූ බොරු කියලා. අපෙ එකේ එහෙම ටැංකියක් නෑ කියලා.. බය වෙන්න එපා ඔටෝ ගියර් වාහන වලට ක්ලච් එකක් එළියෙන් නැ :P

සමහර වාහන වල බ්‍රේක් හා ක්ලච් දෙකටම ඔයිල් එන්නෙ එකම ටැංකියේ..

 4. ගියර් ඔයිල්
 
 වාහනේ ගියර් ඔයිල් එනවා.. නමුත් ඕක බලන්න තෙල් කූරක් එන්නෙ නැහැ, ඒක සේවා ආයතනයකදිම පරික්ශාකර ගන්න වෙනවා.. එත් අලුත් ඔටෝගියර් වාහන වලට එනවා කූරක්. එකෙන් අඩු වැඩි කම් බලාගන්න පුලුවන්.. අඩු නම් සෙවා ආයතනයකින්ම තෙල් දාගන්න! මොකද ඕක ටිකක් සංකීර්ණයි වගේම පිරිසිදුව වෙන්න ඕන දෙයක්..

5. Power steering oil

ගොඩක් අලුත් වාහන වලට එන්නෙ මේ යාංත්‍රික සුක්කානම් ක්‍රමය ( Power steering)
ඒකෙත් පොඩි තෙල් ටැංකියක් තියෙනවා.. එවත් අඩු නම් නිසියාකාරව ලෙවල් එකට දාගන්න ඔන.. තෙල් අඩු උනොත් රෝද කපන්න අමාරුයි. තව පවර්ස්ටීරිං පොම්පෙ කැපෙන්න පුලුවන්.. එක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයිල් අඩු උනාම රෝද කපද්දි අමුතු හම් සද්දයක් එනවා..

..................

ඔයිල් ගැන කතාව ඔච්චරයි.. ඊලගට තියෙන්නෙ රේඩියේටර් එක
Radiator මූඩිය
වාහනේක මේ කොටසත් හරි වැදගත්.. එන්ජිමෙ රස්නෙ පාලණය කරන්නෙ රේඩියේටර් එකෙන්.. ඕක නැත්නම් එන්ජිම රත් වෙලා ලොකු වින්නැහියක් වෙන්න පුලුවන්.. ඉතිං මෙකෙ සිසිලන කටයුතු වෙන්නෙ වතුර මගින්.. වාහනෙ එන්ජින් ඔයිල් බලද්දි  මූඩිය ඇරලා බලන්න වතුර අඩුද කියලා.. අඩු නම් වතුර දාන්න.. ඒ වගේම රෙඩියේටර් කූලන්ට් කියලා ජාතියක් තියෙනවා.. වතුරත් එක්ක ඒවත් දාන්න පුලුවන් නම් රෙඩියේටරෙ ඇතුලෙ මලකඩ හැදෙන එක අඩු කරගන්න පුලුවන්.. එතැකොට නිසියාකාරව මේ පද්දතිය වැඩ කරනවා.. 100% වතුර දාන්න හොද නැහැ!

තව දෙයක්.. වාහනේ රත් වෙච්ච වෙලාවක නම් මේක ගලවන්න යන්න එපා.. එහෙම උනොත් උණුවතුර නාගන්න තමා වෙන්නෙ :D ඒ ගැන කල්පනා කාරි වෙන්න..
තව වාහනෙ හීට් මීටර් එකක් තියෙනවා.. එකත් බලගෙන යන්න හීට් එක වැඩි නම් වාහනෙ ටිකක් විතර නිවෙන්න ඇරලා එන්ජිම ස්ටාර්ට‍ එකෙ තියෙද්දි වතුර දාන්න.. ඒක තමා නිවැරදි ක්‍රමය. මොකද අදික රත්විමකදි ප්‍රසාරණය වෙච්ච කොටස් නැවත තිබ්බ ගානටම එන්න ඕන නේ.. !! ඒවා ගැන වැඩිපුර සැලකිලිමත් උනොත් වාහනේ ගොඩක් කල් දෝශ නැතිව පාවිච්චි කරන්න පුලුවන් වේවි.. !!

මේ සම්බන්දව අහන්න තියෙන දේවල් කමෙන්ට් මගින් අහන්න.. !!
අදට මේ ඇති.. තව ලිපියකින් හමුවෙමූ

ද බනී෴


.


Tuesday, March 12, 2013

වොල්වෝ මගින් නවතම තාක්ෂණ රැසක්

කාර් නිපද වන්නන් අතර වොල්වෝ නාමය වඩාත් ප්‍රසිද්ධ වන්නේ සුරක්ෂිත බැවින් අනුන නාමයක් ලෙසටයි. වසර ගනනක් පුරාවට කරන ලද පර්යේෂණ වලින් විවිධ ආරක්ෂක ක්‍රම වේද එළිදැක්විණ. මේ අතුරින් වඩාත් කතා බහට ලක්වන නිමවුමක් මේ නුදුරේදී එළිදැක්වීමට නියමිතයි. එය හදුන්වන්නේ පාපැදි සහ යතුරු පැදි හදුනාගැනීමේ තාක්ෂනය (cyclist detection tech) යනුවෙනි.

මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන ආකාරය

ලෝකයේ පළමු වතාවට එළිදකින මෙම තාක්ෂනය මගින් වාහනය ධාවනය වන අතරතුර පාපැදියක් රථය දෙසට අනාරක්ෂිතව පැමිණෙන්නේ නම් එහි අන්තර් ගත නවීන මෘදුකාංගය මගින් රථය නවත්වනු ඇත. මෙම මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන අතර පයින් ගමන් කරන්නන්, යතුරුපැදි කරුවන් සහ පාපැදි කරුවන් වෙන් වෙන් වශයෙන් හදුනාගත හැක.


මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන ආකාරය


2006 වසරේ සිට ඇරබුන වොල්වෝ හි මෙම තිරිංග තාක්ෂණ පද්ධති 2010 වසරේදී රථය විසින්ම ක්‍රියාත්මක වන ආකාරයට හදුන්වා දුන් අතර මේවන විට වොල්වෝ නාමය ආරක්‍ෂිත ක්‍රම රැසක පුරෝගාමියා වී අවසානය.


අනාරක්ෂිත පාපැදි හැසිරවීම් බහුල ආසියානු රටවල ට මෙම තාක්ෂනය වඩාත් යෝග්‍යයි. ඉතා විශාල ගණනකින් අනතුරු සිදුවිමට පෙර  වලක්වාගැනීමේ හැකියාව මින් ලැබේ. මිට පෙර වොල්වෝ මගින් අධි තාක්ෂණ ක්ෂණික තිරිංග පද්ධිතියක් වන 'CW-EB' (Collision Warning - Emergency Breaking ) පද්ධිතිය එලිදක්වූයෙ ඔවුන්ගේ නවතම 'F' මාදිලියේ ට්‍රක් රථ සදහාය. ලොව පුරා කතාබහට ලක් වූ එම පද්ධතියේ වීඩියෝව පහතින්:





ඔවුන්ගේ මීලග ඉලක්කය වන්නේ සතුන් පාර හරහා පැනීම් වලින් සිදුවන අනතුරු අවම කිරීමේ තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමයි.