Thursday, November 15, 2012

ජපන් කාර් රේඩියෝවෙ frequency වෙනස් කරන හැටි

   මං හිතන්නෙ ලංකාවෙ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා මේක.. මොකද ජපන් වාහනයක් ගත්තාම ඒකෙ එන රේඩියෝවෙ frequency තියෙන්නෙ 90 දක්වා විතරක් නිසා.. නමුත් ලංකාවෙ බොහෝ ජනප්‍රිය රේඩියෝ චැනෙල් තියෙන්නෙ 100 ගනන් වල.. ඉතිං ගොඩක් අය දුක් වෙනවා රේඩියෝව වත් අහන්න නැහැ කියලා.. ඒ වගෙම සමහර අය ලෝබයි ආපු ප්ලේයර් එක ගලවලා අයින් කරන්න.. ඒවගෙම වෙන ඒවා හයි කරත් ඒ තිබ්බ ප්ලේයරයෙ පහසුකම් නැති වෙන එක ගැනත්!.

ඉතිං අපි අද කතා කරන්න යන්නෙ තියෙන ප්ලේයර් එකම එහෙම්ම පරිස්සම් කරගෙන.. ඒ රෙඩියෝවෙන්ම.. අනික් චැනල් ටිකත් අල්ල ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න
මේකෙදි මම පොටෝස් අරන් තියෙන්නෙ Honda insight කියන මාදිලියෙ වාහනයක එන ප්ලේයරයේන්..

බොහො විට අනික් වාහන වලත් මේ ප්ලේයරයම එන්න පුලුවන්.. (power antenna එන එවාගෙ)
අපි මේකට පාවිච්චි කරන්න යන්නෙ කන්වර්ටර් එකක්
මෙන්න මේ දකුණු පැත්තෙ තියෙන පිංතුරෙ ජාතිය.. මේක ebay එකෙන් වගේ ගෙන්න ගන්න පුලුවන්.. ලංකාවෙත් තියෙනවා.. ලංකාවෙ හදන එක නම් ඒ හැටි ගුණාත්මකයි කියලා කියන්න බැහැ!
සමහරු හිතයි අයියෝ ඕක මොකක්ද මෙකට පොඩි කරන්ට් එක්ක දිලා නිකන්ම ප්ලග් කරන්න නෙ තියෙන්නෙ මේ වම්පැත්තෙ පිංතුරෙ වගේ කියලා.
      ඒත් අලුතෙන් එන නවීන පන්නයෙ වාහන වල තියෙන්නෙ ඔය හැඩයට නෙවේ.. ඉස්සර ඔහොම කූර වගෙ ඇන්ටනා ජැක් අවාට.. දැන් එන්නෙ සාමාන්‍ය වයර් කනෙක්ටර් එකක් විදියට.. එහෙම කරපු හෙතුව විදියට මට නම් හිතෙන්නෙ ගැලවෙන්නෙ නැති කම වෙන්න ඇතී.. (මොකද ඕක ගලවද්දි ටිකක් තදයි :D )

හරි අපි වැඩේට බහිමු..

අවශ්‍ය ද්‍රව්‍ය
01. fm frequency කන්වර්ටර් එකක් (ebay වගේ ගන්නත් පුලුවන්. නැත්නම් රේඩියෝ බඩු සාප්පු වලත් තියෙනවා)
02. 5A fuse එකක් (මේකෙ ඇම්පිර් ගාන නම් තව අඩු උනත් කමක් නැහැ)
03. පාස්ස ගන්න ඊයම් හා බවුත් එකක්
04. සෙලෝ ටේප්..
05. හා ගලව ගන්න tools..

මුලින්ම දැත දෙපා සෝදලා රේඩියෝව ගලව ගම්මු..  :D
ඕක තමා පනයන වැඩේ.. මොකද ඩැශ්බෝර්ඩ් ගලවන්න එපැයැ.. මං නම් ඔය ගලවන විදිය කියලා දෙන්න යන්නැ.. මොකද එක එක වාහන වල එක එක විදියට තියෙන්න නිසා. ඒක නිසා ඒ ගැන දැනුමක් ඇතුව ගලවනවා නම් ඇගට ගුණයි.. මොකද පස්සෙ මං කිවා කියලා ගලවන් ප්ලාස්ටික් කැලි කැඩිලා තුවාල කරන් මට බනින්න එපා :D

"වාහනේ සුවිච් එක ඕෆ් කරලා තියන්න මතක තියා ගන්න"

එත් මං Honda insight එකෙ ගලවන්න ඔනි කැලි ටික ගැන සරලව ඉඟියක් දෙන්නම්.
මුලින්ම කැසට් එකට යටින්ම තියෙන ලයිටර් හෝල්ඩර් එක හා විඩියෝ ඉන්පුට් තියෙන කොටස ගලව ගන්න. ඔකෙ දෙපැත්තට පිහිතුඩක් දාලා ඇද්දාම ගැලවිලා එනවා (පිහි තුඩවල් දාද්දි පරිස්සමින් හීරෙන්න බලයි)

මේ පහල පිංතූරෙ වගේ.

වයර් දෙක ගැලෙව්වට පසු.
ඊට පස්සෙ ඒවාගෙ පිටි පස්සෙ ශොකට් දෙක ගලවලා ඔය කොටස පරිස්සමෙන් අරන් තියන්න..  
ඊට පස්සෙ වම් පැත්තෙ කැබින් එක ගලව ගන්න.. එතැකොට හොදට පැහැදිලිව කැසට් එක පේනවා..  ඊලගට ඔය ලයිටර් හෝල්ඩරෙ ගලවපු තැනින් උඩ බලන්න ඇනයක් තියෙනවා .. ඒක ගැලෙව්වාම කැසට් එක එළියට ඇදලා ගන්න පුලුවන්.. ඒවාගෙ පොටෝස් ගන්න ක්‍රමයක් නම් නැහැ :(

මේ තියෙන්නෙ ගැලෙව්වට පස්සෙ 
දැන් ඕක යටින් රෙදි කෑල්ලක් එහෙම තියන්න.. හීරෙන නිසා.. මේ වැඩේට තවකෙනෙක් අල්ල ගන්න එක හොදයි මොකද මේවාගෙ වයර් බොහොම කොටයි.. ඉතින් අල්ලන් ඉන්න වෙනවා.. 
දැන් තමා ටිකක් කල්පනාවෙන් කරන්න ඔනි තැන.. කැසට් එක ගැලෙව්වාම පිටිපස්සෙ තියෙනවා අලු පාට වයර් එකක්.. ටිකක් මහතයි.. බොහො විට වයර් දෙකක් එකට අලවලා එන්නෙ එක දෙකට මැදින් ඉරලා වයර් දෙක වෙන් කරගන්න පුලුවන්.. අන්න ඒ වයර් එක හොයලා ගන්න.. 
මේ තියෙන්නෙ ඒ වයර් එක හයිවෙන තැන..
මේ තියෙන්නෙ වයර් එක ගලව ගත්තාම හැඩය..

දැන් ඔය උඩ පිංතූරෙ වයර් එක ශොකට් එකෙ ඉදන් අගල් 4 ක් දිගට වගෙ ඉතිරි කරලා කපා ගන්න..
වයර් එක කැපුවට පසු ඉතිරි කොටස
වයර් එක කැපුවට පසු


දැන් කන්වර්ටර් එක අරගෙන ඒකෙ එක පැත්ක තියෙන රෙඩියොවට ගහන ජැක් එක සාමාන්‍ය දිගක් තියාගෙන කපා ගන්න.. ඒක විසි කරන්න එපා ඒක ඔනි වෙනවා.. දැන් එකෙ වයර් වල රබර් කැල්ල කපලා සුද්ද කරගන්න.. පරිස්සමෙන් සුද්ද කරන් හීනි කම්බි ටික වෙනමයි තනි කම්බිය වෙන මයි සුද්ද කරගන්න.. 
අපි ඉස්සෙල්ලා කපා ගත්තු ශොකට් එකෙත් මහත වයර් එක අරන් බලන්න එකෙ පැහැදිලිව පෙනවා අර TV ඇන්ටනා වයර් වල වගේ මැද කම්බියයි වටේට හීනි හීනි කබ්බි ගොඩකුයි ඇති.. අන්න එකත් සුද්දකරලා.. කන්වර්ටර් එකෙ වයර් දෙකට තියලා වෙන වෙනම බවුත් එකකින් පාස්ස ගන්න.. ඊට පස්සෙ හොදට සෙලෝ ටේප් ගහලා ඒ වයර් දෙක ශෝට් වෙන්නැතිවෙන්න ආවරණය කරගන්න!
මේ පහල පිංතුරෙ වගෙ රතු වයර් එකයි කළු වයර් එකට එකට තියලා පාස්සන්න එපා මොකද ඔතැනට ෆියුස් එකක් දාන්න ඔනේ..!

දැන් ඔන්න හරි.. දැන් කරන්න ඔනෙ මේක කාර් එකෙ වයර් එකට තියලා පාස්ස ගන්න එක.. දැන් යන්න කාර් එකට එකෙ අර අපි කලින් ශොකට් එක සුද්ද කරලා කම්බි මතු කරගත්තා වගෙ ඒ වයර් එකත් සුද්ද කරගන්න.. ඊට පස්සෙ අපි මතකනෙ කලින් කන්වර්ටර් එකෙ තිබිලා කපා ගත්තා ජැක් එකක් ? අන්න ඒකත් සුද්ද කරලා අරන් අර වයර් එකට පාස්ස ගන්න.. ඕක කැතයි වගේ කියලා හිතෙනවා නම්.. අර ජැක් එක ගැලෙව්වාම පරන වයර් එක ගලව ගන්න හැකි.. ඊට පස්සෙ කාර් එකෙ අපු වයර් එකට තියලා පාස්ස ගන්න..  නැත්නම් සාමාන්‍ය විදියට පාස්ස ගන්න .. 
ජැක් එක කාර් එකෙ වයර් එකට තියලා මෙන්න මෙහෙම පාස්ස ගන්න
කම්බි ටිකත් එකට පාස්ස ගන්න. ඔය කම්බි කැලි හැලෙන නිසා යටින් රෙදි කැල්ලක් හරි කඩදාසියක් හරි තියා ගන්න.. නැත්නම් එවා ප්ලේයරෙ අස්සට වැටෙන්න පුලුවන්

දැන් ඒකත් හොදට සෙලෝටෙප් වලින් ඔතා ගන්න ශෝට් වෙන්නැති විදයට..

ඊලගට කරන්න තියෙන්නෙ කන්වර්ටරෙට කරන්ට් එක දෙන එක.. කරන්ට් එක දෙන්න කලින් මොකක් හරි ප්‍රශ්ණයක් උණොත් කියලා ෆියුස් එකක් දාන එක හොද නිසා 
කන්වර්ටරෙ රතු වයර් එකට ෆියුස් එකෙ එක කෙලවරක් පාස්ස ගන්න.. ඊට පස්සෙ අපි කලින් කපා ගත්ත කළු කරන්ට් වයර් 2ක  එකට තියලා.. ෆියුස් එකෙ අනික් කෙලවරත් එතැනට තියලා පාස්ස ගන්න.. ඊලඟට හොදට සෙලෝටෙප් වලින් ඔතන්න.. මොකද කරන්ට් එකක් යන නිසා!

ෆියුස් එකෙ කෙලවර හා කපා ගත්ත වයර් දෙක
එකට තියලා පාස්ස ගන්න
රතු පාට වයර් එක තමා ෆියුස් එකෙ වයර් එක..
මේ තියෙන්නෙ ෆියුස් එක
ඔන්න දැන් හරි!
මෙන්න තියෙනවා සර්කිට් එක.. මේක බැලුවාම තෙරුම් ගන්න පුලුවන් කරන්න ඔනි මොකක්ද කියලා
දැන් ඔන්න සම්පුර්ණයෙන්ම වැඩ ඉවරයි.. ආයෙ බලන්න දෝශ මොනවා හරි තියෙනවද කියලා.. ඊට පස්සෙ අර පාස්ස ගත්ත ජැක් එක කන්වර්ටර් එකට ගහලා.. අපි ප්ලෙයරෙන් ගලවපු ශොකට් එක ආයෙ ප්ලෙයරෙට සම්බන්ද කරලා.. 
දෙයියනෙ කියලා දැන් පරිස්සමෙන් ප්ලෙයරෙ හයිකරගන්න :D


දැන් බලන්න රෙඩියෝව දාලා සිංදු ඇහෙනවද කියලා.. දෝශයක් ආවොත් එන්නෙ කන්වර්ටර් එකෙ.. එහෙම ප්‍රශ්ණයක් උනොත් කන්වර්ටර් එක මාරු කරලා බලන්න.. නැත්නම් මේ ක්‍රමේ 95% ක් පමණ සාර්ථකයි.. මීට අමතරව රු 10000/= ක් විතර වියදම් කරලා කරන ක්‍රමත් තියෙනවා.. :D
මේකට නම් යන්නෙ රු 500 ක් වගේ.. 

ඉතිං අපි යන්න කියලා.. මොනම හරි දෝශයක් තියෙනවා නම් කියන්න.. මොකද මාත් හැමදේම ඉගෙන ගන්නවා.. ඒක නිසා කතා කරන්න.. කරන්නැතිව කිසිම දෙයක් ඉගෙන ගන්න වෙන්නැනෙ..!!

ඉතිං ආයෙ මේ වගේ දෙයක් අරන් නැවත එන්නම්..!
ජය වේවා!!


.....

සෑයූ: උපුටාගැනිම් සියල්ලම මාගෙ අනුමැතිය ඇතිව උපුටාගත යුතුය! එසේ නොකිරීම සොරකමකි!

8 comments:

  1. ඒත් මම හිතුවේ මුගෙ සද්දෙ හැ‍ටියට සර්කිට් එක‍ට මොනවා හරි කරලා කියලා.. :D :D එල ලිපියක්.. මාත් Insight එකක් ගත්ත දවසක බනියාගේ විදිහට කරන්න ඕනා :D (මට කරන්නම බැරි දේ තමයි හූරගන්නෙ නැතිව dashboard ගලවන එක :D )

    ReplyDelete
    Replies
    1. :D :D නැනැ මෙක සරල වැඩක් :D

      ඩැශ් බොඩ් ගලවද්දි දාන ඉස්කුරුප්පුනියන් දාන්න එපා. එකෙන් තමා හිරෙන්නෙ.. තව පිහිතුඩක් වගෙ දානවා නම් එකට රෙදි කැල්ලක් ඔතලා අස්සට දාලා ගලවන්න :D

      Delete
  2. ඔය තියෙන්නේ එලකිරි වගේ...
    දැං ඉතිං ලිස්ට් එකම අහුවෙනව නේද?

    පුලුවන්නම් කොලයක් අලවගනිං මේ චැනල් එක මේ නම්බරේ කියලා.. :D

    ReplyDelete
    Replies
    1. මහ අමාරුවක් නැ.. 100.2 හිතමු.. ඔකෙන් 20 ක් අඩු කරාම එන චැනෙල් එක තමා හරි එක :D
      ඒ කියන්නෙ 80.2
      නැත්නම් නම දාලා සෙව් කරගන්න බැරියැ :D

      Delete
  3. නියමයි.
    මේ වැඩේ ලැම්බෝගිනි එකටත් ගැලපෙනවද දන්නෑ... :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න මං එකක් ගෙනාවම එකත් ගලොලා බලන්නම් :P :D

      Delete
  4. ආ එහෙමත් පුළුවන් ද

    ReplyDelete