Tuesday, March 12, 2013

වොල්වෝ මගින් නවතම තාක්ෂණ රැසක්

කාර් නිපද වන්නන් අතර වොල්වෝ නාමය වඩාත් ප්‍රසිද්ධ වන්නේ සුරක්ෂිත බැවින් අනුන නාමයක් ලෙසටයි. වසර ගනනක් පුරාවට කරන ලද පර්යේෂණ වලින් විවිධ ආරක්ෂක ක්‍රම වේද එළිදැක්විණ. මේ අතුරින් වඩාත් කතා බහට ලක්වන නිමවුමක් මේ නුදුරේදී එළිදැක්වීමට නියමිතයි. එය හදුන්වන්නේ පාපැදි සහ යතුරු පැදි හදුනාගැනීමේ තාක්ෂනය (cyclist detection tech) යනුවෙනි.

මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන ආකාරය

ලෝකයේ පළමු වතාවට එළිදකින මෙම තාක්ෂනය මගින් වාහනය ධාවනය වන අතරතුර පාපැදියක් රථය දෙසට අනාරක්ෂිතව පැමිණෙන්නේ නම් එහි අන්තර් ගත නවීන මෘදුකාංගය මගින් රථය නවත්වනු ඇත. මෙම මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන අතර පයින් ගමන් කරන්නන්, යතුරුපැදි කරුවන් සහ පාපැදි කරුවන් වෙන් වෙන් වශයෙන් හදුනාගත හැක.


මෘදුකාංගය විසින් රථයේ ඉදිරිය නිරීක්ෂණය කරන ආකාරය


2006 වසරේ සිට ඇරබුන වොල්වෝ හි මෙම තිරිංග තාක්ෂණ පද්ධති 2010 වසරේදී රථය විසින්ම ක්‍රියාත්මක වන ආකාරයට හදුන්වා දුන් අතර මේවන විට වොල්වෝ නාමය ආරක්‍ෂිත ක්‍රම රැසක පුරෝගාමියා වී අවසානය.


අනාරක්ෂිත පාපැදි හැසිරවීම් බහුල ආසියානු රටවල ට මෙම තාක්ෂනය වඩාත් යෝග්‍යයි. ඉතා විශාල ගණනකින් අනතුරු සිදුවිමට පෙර  වලක්වාගැනීමේ හැකියාව මින් ලැබේ. මිට පෙර වොල්වෝ මගින් අධි තාක්ෂණ ක්ෂණික තිරිංග පද්ධිතියක් වන 'CW-EB' (Collision Warning - Emergency Breaking ) පද්ධිතිය එලිදක්වූයෙ ඔවුන්ගේ නවතම 'F' මාදිලියේ ට්‍රක් රථ සදහාය. ලොව පුරා කතාබහට ලක් වූ එම පද්ධතියේ වීඩියෝව පහතින්:





ඔවුන්ගේ මීලග ඉලක්කය වන්නේ සතුන් පාර හරහා පැනීම් වලින් සිදුවන අනතුරු අවම කිරීමේ තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමයි.


5 comments:

  1. ලංකා‍වෙනං ඔය වාහනේ වැඩිහරියක් නැවතිලාම තියෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව නමුත් පොඩි අනතුරක් උනත් බේරගන්න බැරි වෙන එකක් නෑ :)

      Delete
  2. වියට්නාමෙට මේකක් ගෙනාවොත් එහෙම ගමනක් යන්න වෙන්නෙ නෑ. නැවතිලම තියෙයි

    ReplyDelete
  3. අඩේ පට්ට ඇ.
    මං හිතුවේ උඹ මේක අතෑරලා කියලා

    ReplyDelete